වීර විජයබා විදුහල් මාතා රමණි
සැරදේ විදුහල් මෑණි.....//
තුරුලට වන ඔබ දරු කැල නිතියන්
විදුකිරණින් ඔප ගන්වා
ගුණදම් වඩවා සුරුකම් රදවා
දෑ උරුමය හෙලි ගන්වා විදුහල් මාතා රමණි
ඔබ දිවියෙන් සුරකින බැතිනී
විදු ඇස නැණ ඇස
අප වෙත දෙනු මැන
පෙම්බර විදුහල් මෑණී...../
දේශ විදේශව ලක්‌සිරි ලක් මව
හොබවන ජිවන ගංගා
නේක කලා ශිල්පා දී රුවන් ලත්
දරු කැල ඔබතින් නංවා
දෙස බස වැඩුමට සුර වූ
නිති රැස රැකුමෙහි සිත රැදවූ
හෙළ විරුවන් ඔබ ඇකයෙන් බිහි කල සැරදේ විදුහල් මෑණි.....//





